Sunday, June 11, 2017
6. මතක මාවත දිගේ යළි ඇවිද යමි..........
මතක පොතේ පිටු නැවත පෙරළමි....................
පළමු පිටුව
පළමු කවිය........................................
බටිති කුරුල්ලෙක්
මල් නටුවක් මත
තටු සලමින්
හිනැහෙයි......
නුපුරුදු සුවදක්
සුපුරුදු විලසින්
සිත් මල වට
දැවටෙයි.............
දෙවන පිටුව.............
ඔබේ උර මත
හිස හොවා
එකම මොහොතක්
හිදින්නට
ආසයි.....
ඔබේ ලය මත
කන තබා
හද ගැහෙන හඩ
අසන්නට
ආසයි........
ඔබේ අතැගිලි
මුදුව අල්ලා
දුර ඈතක
ඇවිදයන්නට
ආසයි......
එකම මොහොතක්
නෙත් පියා
ඔබ මගේ
සිතන්නට
ආසයි......
මතක පොතේ ලියා තිබුණ අවසන් කව...
මතක පමණක්
ඉතිරිකර
මගෙ
හිත ළගින්...
ඇයිද ඔබ
යන්නගියෙ
නොකියාම
ඒ ලෙසින්.....
අවසාන
තත්පරය
ගෙවෙනතෙක්
ජීවිතෙන්....
හදේ ගැඹුරුම
තැනක සගවා
මතක සුරකිමි
සෙනෙහසින්.....
Subscribe to:
Post Comments (Atom)
-
Enchanting Dream I know you are an enchanting dream I look at you from far with a Loving Heart

ලස්සනයි පදවැල.
ReplyDeleteජයවේවා!!!