Thursday, May 24, 2018

නමක් අහිමි කවි - 6



















          ගැඹුරුය
          හදවතේ
          තබා ගිය
          මතකයන්........

          හැකිවෙද
          කවදාක
          මකන්නට
          කාලයෙන්.......

Sunday, May 20, 2018

නමක් අහිමි කවි - 5
























නොදන්නෙමි

කොහිද ඔබ
සොයන්නෙමි
තවම මම........

වසාගමි
කඳුළු නෙත
මවන්නෙමි
ඔබේ රුව......

සඟවගමි
දුක් සුසුම
සිනාසෙමි
දරා සිත.....

අවදි වෙමි
සිහින මැද
දකින්නෙමි
සැබෑ ලොව......

දනිමි
මා සොයන ඔබ
කොතැනවත්

නොමැති බව....