Monday, June 26, 2017

14. You who was and wasn't mine





WITH    LOVE


When
only loneliness
stays
with the heart
I shed a tear
remembering  "you"
who 
was and wasn't 
mine

Saturday, June 24, 2017

13.සිහිනයක් පමණි ඔබ....



සිහිනයක් පමණි ඔබ
සැබෑ නොවෙනා කිසි දින.............

සිහිනයක්
පමණි ඔබ
සැබෑ නොවෙනා
කිසි දින...

සිහිනය තවම
මගෙ මිස
ඔබේ 
නොවෙනා සද...

මගේ සිහිනය ,
මට 
දකින්නට
ඉඩ හැර....

ඔබ ඔබට
හිමි ලොව තුළ
යළි තුටින් 
හිනැහෙනු මැන...

අකීකර ැ
මගෙ
කවි 
හිත..

සිහිනයක් බව
දැන දැන
තවත් කවි
පබදිනු ඇත...



Thursday, June 22, 2017

12.Adieu to the memories......








11. සිහිනයක් පමණි මම



සද තරුත් නිදනා
නිහඩ මැදියම
සිහිනයක් වී 
ඔබ වෙතට එමි...

ඔබේ නළලත 
සෙමෙන් පිරිමැද
නිදන ඔබ නෙත්
මුදුව සිපගමි..

හිරු නැගෙන
හෝරාව වනතුරු
ඔබේ සිහිනෙක
ඔබ ළගම ඉමි...

අවදිවන ඔබ
නෙත ගැටෙන්නට
මිහිරි කවියක්
ළග තබා යමි...





Sunday, June 18, 2017

10.අම්මාවරු



මවුවරුන්ගේ, පියවරුන්ගේ දිනයක් ඇයිදැයි නොදනිමි.

ආදරණීය අම්මාවරුන් වෙනුවෙන් ලියමි.

සමන් කැකුලු පොඩි
          සුවද දිදී පිපෙනා
මුදු මද පවනේ බුදු 
           බැති ගී ගැයෙනා
බිළිදු සිනාවක උරුම
          විදින්නට පතනා
අම්මාවරු දුක් 
          සුසුම් දරා හිදිනා............


පෙරුම් පුරාගෙන 

          කුසේ හොවා රකිනා
දරා වේදනා 
          සතුටු කදුලු සලනා
බිළිදු සිනාවක
         උරුම සතුට විදිනා
අම්මාවරු ලේ,
          කිරි බිදුකර පොවනා.......


තුරුලු කරන් මුදු

           ඇකයෙ සුවය දෙමිනා
සෙනේ සිතින් හිස,
          අතගා  මුව  සිඹිනා
බිළිදු පුතා ලොව 
          රජ වෙන්නට පතනා
අම්මාවරු නෙත් සතුටු
          කදුලු නැගෙනා...........


අතැගිලි අල්ලා

          නිවැරදි මග පෙන්නා
පා තබනා බිම
          මල් පාවඩ එළනා
සම්මා සම්බුදු 
          අම්මාවරු ලොව දිනනා
සුවද සමන් සේ
          සුවද දිදී දිලෙනා...........   
    


9.හිමි-අහිමිවූ ඔබේ නෙතු යුග

 පින් බිමක
බුදු සමිදු පාමුල
මලක් පුදනා 
       බැති සිතින්.....   

හිමි අහිමිවූ
ඔබේ නෙත් යුග
වරක් සිප
       ගන්නට සිතෙයි......

.

Thursday, June 15, 2017

8. The Long Wait




Waited for
so long
loving the sun
knowing that 
he belongs
to the sky
and will never be mine

Tuesday, June 13, 2017

7. යලි වෙන් වෙමුද...


මැකී ගොස් යැයි
සිතා සිටියෙමි
ප්‍රථම ප්‍රේමයේ
මතක නටබුන්
කාලයේ වැලිතලාවේ........

එසේවී නැත
නැවත මතුවී
යලිත් ඉපදී
රිදුම් දෙයි සිත
කදුලු වී දෙනෙතේ.......

ඔබද රිදවා
මාද හඩවන
මතක කවුලුව
වසා දා අප
වෙන් වෙමුද යලි
නොහදුනනා විලසේ......

Sunday, June 11, 2017

6. මතක මාවත දිගේ යළි ඇවිද යමි..........


මතක පොතේ පිටු නැවත පෙරළමි....................

පළමු පිටුව

පළමු කවිය........................................


බටිති කුරුල්ලෙක්
මල් නටුවක් මත
තටු සලමින්
හිනැහෙයි......

නුපුරුදු   සුවදක්
සුපුරුදු  විලසින්
සිත් මල වට
දැවටෙයි.............



දෙවන පිටුව.............

ඔබේ උර මත
හිස හොවා
එකම මොහොතක්
හිදින්නට
ආසයි.....

ඔබේ ලය මත
කන තබා
හද ගැහෙන හඩ
අසන්නට
ආසයි........

ඔබේ අතැගිලි
මුදුව අල්ලා
දුර ඈතක
ඇවිදයන්නට
ආසයි......

එකම මොහොතක්
නෙත් පියා
ඔබ මගේ 
සිතන්නට
ආසයි......


මතක පොතේ ලියා තිබුණ  අවසන් කව...

මතක පමණක්
ඉතිරිකර
මගෙ
හිත ළගින්...

ඇයිද ඔබ
යන්නගියෙ
නොකියාම
ඒ ලෙසින්.....

අවසාන
තත්පරය
ගෙවෙනතෙක්
ජීවිතෙන්....

හදේ ගැඹුරුම
තැනක සගවා
මතක සුරකිමි
සෙනෙහසින්.....




Saturday, June 10, 2017

5. සුන්දර සිහිනයක්...



දනිමි 
ඔබ 
සුන්දර සිහිනයක්...
දුර ඈත සිට
බලා
ඉන්නෙමි
සෙනෙහසින්...







Friday, June 9, 2017

Thursday, June 8, 2017

Wednesday, June 7, 2017

2.Enchanting Dream

Enchanting Dream 

I know
you are an enchanting dream 
I look at you 
from far 
with a 
Loving Heart

Friday, June 2, 2017

1.I'm Flying with Blogger

මගේ සිතුවම

"Under the veils of
limitless blue sky
I'll spread my wings
and happily fly."