Showing posts with label My Poems. Show all posts
Showing posts with label My Poems. Show all posts

Tuesday, June 26, 2018

නමක් අහිමි කවි - 7



                මතක පොත යළි
                සෙමින් පෙරළමි...

                මිහිරි සිහිනෙක

                වෙලී පැටලෙමි...

                රෝස පෙත්තක කවක් කටුගා.....


                සෙනෙහසින්

                පිටු අතර රඳවමි...

Thursday, May 24, 2018

නමක් අහිමි කවි - 6



















          ගැඹුරුය
          හදවතේ
          තබා ගිය
          මතකයන්........

          හැකිවෙද
          කවදාක
          මකන්නට
          කාලයෙන්.......

Sunday, May 20, 2018

නමක් අහිමි කවි - 5
























නොදන්නෙමි

කොහිද ඔබ
සොයන්නෙමි
තවම මම........

වසාගමි
කඳුළු නෙත
මවන්නෙමි
ඔබේ රුව......

සඟවගමි
දුක් සුසුම
සිනාසෙමි
දරා සිත.....

අවදි වෙමි
සිහින මැද
දකින්නෙමි
සැබෑ ලොව......

දනිමි
මා සොයන ඔබ
කොතැනවත්

නොමැති බව....

Monday, April 30, 2018

නමක් අහිමි කවි - 4




















                සඳ දිලෙන
                හැම රැයක
                මඟ බලමි
                ඔබ යළි
                එතැ'යි
                සිතමින.........

Sunday, March 11, 2018

නමක් අහිමි කවි - 2





  


පෙති මත
වැතිරුණ
මුතු
කඳුළක්....

          ඔබ
          දන්නැහැ
          ඇය
          ඇඬූ බවක්..




Monday, June 26, 2017

14. You who was and wasn't mine





WITH    LOVE


When
only loneliness
stays
with the heart
I shed a tear
remembering  "you"
who 
was and wasn't 
mine

Thursday, June 22, 2017

11. සිහිනයක් පමණි මම



සද තරුත් නිදනා
නිහඩ මැදියම
සිහිනයක් වී 
ඔබ වෙතට එමි...

ඔබේ නළලත 
සෙමෙන් පිරිමැද
නිදන ඔබ නෙත්
මුදුව සිපගමි..

හිරු නැගෙන
හෝරාව වනතුරු
ඔබේ සිහිනෙක
ඔබ ළගම ඉමි...

අවදිවන ඔබ
නෙත ගැටෙන්නට
මිහිරි කවියක්
ළග තබා යමි...





Thursday, June 15, 2017

8. The Long Wait




Waited for
so long
loving the sun
knowing that 
he belongs
to the sky
and will never be mine

Tuesday, June 13, 2017

7. යලි වෙන් වෙමුද...


මැකී ගොස් යැයි
සිතා සිටියෙමි
ප්‍රථම ප්‍රේමයේ
මතක නටබුන්
කාලයේ වැලිතලාවේ........

එසේවී නැත
නැවත මතුවී
යලිත් ඉපදී
රිදුම් දෙයි සිත
කදුලු වී දෙනෙතේ.......

ඔබද රිදවා
මාද හඩවන
මතක කවුලුව
වසා දා අප
වෙන් වෙමුද යලි
නොහදුනනා විලසේ......

Sunday, June 11, 2017

6. මතක මාවත දිගේ යළි ඇවිද යමි..........


මතක පොතේ පිටු නැවත පෙරළමි....................

පළමු පිටුව

පළමු කවිය........................................


බටිති කුරුල්ලෙක්
මල් නටුවක් මත
තටු සලමින්
හිනැහෙයි......

නුපුරුදු   සුවදක්
සුපුරුදු  විලසින්
සිත් මල වට
දැවටෙයි.............



දෙවන පිටුව.............

ඔබේ උර මත
හිස හොවා
එකම මොහොතක්
හිදින්නට
ආසයි.....

ඔබේ ලය මත
කන තබා
හද ගැහෙන හඩ
අසන්නට
ආසයි........

ඔබේ අතැගිලි
මුදුව අල්ලා
දුර ඈතක
ඇවිදයන්නට
ආසයි......

එකම මොහොතක්
නෙත් පියා
ඔබ මගේ 
සිතන්නට
ආසයි......


මතක පොතේ ලියා තිබුණ  අවසන් කව...

මතක පමණක්
ඉතිරිකර
මගෙ
හිත ළගින්...

ඇයිද ඔබ
යන්නගියෙ
නොකියාම
ඒ ලෙසින්.....

අවසාන
තත්පරය
ගෙවෙනතෙක්
ජීවිතෙන්....

හදේ ගැඹුරුම
තැනක සගවා
මතක සුරකිමි
සෙනෙහසින්.....




Saturday, June 10, 2017

5. සුන්දර සිහිනයක්...



දනිමි 
ඔබ 
සුන්දර සිහිනයක්...
දුර ඈත සිට
බලා
ඉන්නෙමි
සෙනෙහසින්...







Friday, June 9, 2017

Thursday, June 8, 2017

Wednesday, June 7, 2017

2.Enchanting Dream

Enchanting Dream 

I know
you are an enchanting dream 
I look at you 
from far 
with a 
Loving Heart

Friday, June 2, 2017

1.I'm Flying with Blogger

මගේ සිතුවම

"Under the veils of
limitless blue sky
I'll spread my wings
and happily fly."