Thursday, June 22, 2017

11. සිහිනයක් පමණි මම



සද තරුත් නිදනා
නිහඩ මැදියම
සිහිනයක් වී 
ඔබ වෙතට එමි...

ඔබේ නළලත 
සෙමෙන් පිරිමැද
නිදන ඔබ නෙත්
මුදුව සිපගමි..

හිරු නැගෙන
හෝරාව වනතුරු
ඔබේ සිහිනෙක
ඔබ ළගම ඉමි...

අවදිවන ඔබ
නෙත ගැටෙන්නට
මිහිරි කවියක්
ළග තබා යමි...





No comments:

Post a Comment