Sunday, June 18, 2017

10.අම්මාවරු



මවුවරුන්ගේ, පියවරුන්ගේ දිනයක් ඇයිදැයි නොදනිමි.

ආදරණීය අම්මාවරුන් වෙනුවෙන් ලියමි.

සමන් කැකුලු පොඩි
          සුවද දිදී පිපෙනා
මුදු මද පවනේ බුදු 
           බැති ගී ගැයෙනා
බිළිදු සිනාවක උරුම
          විදින්නට පතනා
අම්මාවරු දුක් 
          සුසුම් දරා හිදිනා............


පෙරුම් පුරාගෙන 

          කුසේ හොවා රකිනා
දරා වේදනා 
          සතුටු කදුලු සලනා
බිළිදු සිනාවක
         උරුම සතුට විදිනා
අම්මාවරු ලේ,
          කිරි බිදුකර පොවනා.......


තුරුලු කරන් මුදු

           ඇකයෙ සුවය දෙමිනා
සෙනේ සිතින් හිස,
          අතගා  මුව  සිඹිනා
බිළිදු පුතා ලොව 
          රජ වෙන්නට පතනා
අම්මාවරු නෙත් සතුටු
          කදුලු නැගෙනා...........


අතැගිලි අල්ලා

          නිවැරදි මග පෙන්නා
පා තබනා බිම
          මල් පාවඩ එළනා
සම්මා සම්බුදු 
          අම්මාවරු ලොව දිනනා
සුවද සමන් සේ
          සුවද දිදී දිලෙනා...........   
    


No comments:

Post a Comment