Sunday, July 29, 2018

නමක් අහිමි කවි - 10



















 
    ආදරෙන් ළඟ උන්නු
    මතක සැමරුම් ඉතින්
    අපි අපෙන්
    වෙන්වෙන්න
    කාලයයි දැං.....

   මුදු සිනා මට දුන්නු
   කදුළු තෙත ඇස රැන්දු
   මුතු ඇමිණු
   අකුරු යළි
   දකින්නෑ මං.....

   ගින්නටත් නොදැනෙන්න
   එහිම ඔබ සැඟවෙන්න
   ඉතිරි එක
   කඳුළු බිඳ
   හෙලන්නම් මං....










Tuesday, June 26, 2018

නමක් අහිමි කවි - 7



                මතක පොත යළි
                සෙමින් පෙරළමි...

                මිහිරි සිහිනෙක

                වෙලී පැටලෙමි...

                රෝස පෙත්තක කවක් කටුගා.....


                සෙනෙහසින්

                පිටු අතර රඳවමි...

Thursday, May 24, 2018

නමක් අහිමි කවි - 6



















          ගැඹුරුය
          හදවතේ
          තබා ගිය
          මතකයන්........

          හැකිවෙද
          කවදාක
          මකන්නට
          කාලයෙන්.......

Sunday, May 20, 2018

නමක් අහිමි කවි - 5
























නොදන්නෙමි

කොහිද ඔබ
සොයන්නෙමි
තවම මම........

වසාගමි
කඳුළු නෙත
මවන්නෙමි
ඔබේ රුව......

සඟවගමි
දුක් සුසුම
සිනාසෙමි
දරා සිත.....

අවදි වෙමි
සිහින මැද
දකින්නෙමි
සැබෑ ලොව......

දනිමි
මා සොයන ඔබ
කොතැනවත්

නොමැති බව....

Monday, April 30, 2018

නමක් අහිමි කවි - 4




















                සඳ දිලෙන
                හැම රැයක
                මඟ බලමි
                ඔබ යළි
                එතැ'යි
                සිතමින.........